2024.11.24 දින දහවල් 1ට පමණ මීගමුව මුන්නක්කරය කලපුව නැරඹීම සඳහා ඔරුවකින් ගමන් කරමින් සිටි කොච්චිකඩේ, පල්ලන්සේන ගර්භවාස දේවමාතා දේවස්ථානයේ මීසම් සේවක පියතුමා ඇතුළු එකම පවුලේ පුද්ගලයින් 06 දෙනකු ඔවුන් ගමන් ගත් ඔරුව පෙරළීයාම හේතුවෙන් අනතුරට පත්ව ඇත.
මෙම අනතුරින් එකම පවුලේ පියා සහ දියණිය දියේ ගිලීම හේතුවෙන් මේ වන විට අතුරුදහන්ව ඇති අතර, සෙසු පුද්ගලයින්ගේ දිවි බේරාගැනීමට හැකියාව ලැබී ඇත.
ඔරුවේ ගමන්ගත් පිරිස :-
- ජයකොඩි ආරච්චිගේ ඇන්ටන් ග්රෝමික් කුරේ පියතුමා (අවු:50) පල්ලන්සේන, කොච්චිකඩේ
- රනිල් ප්රනාන්දු (අවු:50) අංක 47/6/A, සිරිවර්ධන පෙදෙස, මීගමුව (අතුරුදහන්)
- නිලූෂා නෙත්මි ප්රනාන්දු (අවු: 18)(අතුරුදහන්)
- ඇන්ටනී ඩොනී ප්රනාන්දු (අවු: 59 යි) (ප්රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුලත් කර ඇත)
- චාරුණී ප්රනාන්දු (අවු: 18)
- දීනා ප්රනාන්දු (වයස අවු 05 යි) (ප්රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුලත් කර ඇත)
- සඳුනි ප්රනාන්දු (වයස අවු 26)
අතුරුදහන් වූ දෙදෙනා සෙවිම සඳහා කැළණිය නාවික හමුදා කඳවුරේ නාවිකයින් විසින් මෙහෙයුම් කටයුතු සිදුකරමින් පවතී.