එයාලට ඡන්දේ දාන්න කියලා මම කිව්වෙ නැහැ

පාස්කු දින එල්ල වූ ප්‍රහාරයේ විමර්ශන සිදුකෙරෙන අයුරු පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තු විවාදයකදී තමා සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශයන් සම්පූර්නයෙන්ම අසත්‍ය බවත් තමා කිසිවිටෙකත් කිසිඳු දේශපාලන පක්ෂයකට ඉදිරි මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කරන්නැයි කිසිඳු ප්‍රකාශයක් තමා විසින් සිදුකර නොමැති බවත් එම නිවේදන‍යේ සඳහන් වෙනවා.

ඉදිරි මැතිවරණයේ දී මානව හිමිකම් කඩකර ඇති හෝ පාස්කු ප්‍රහාරයට යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමට පියවර නොගන්නා පක්ෂවලට ඡන්දය නොදෙන්නැයි තමා ප්‍රකාශ කළ බවද කාදිනල් හිමියන්ගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *