එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් රත්තරන් සොයා කැණීම් කළ අයෙක් අත්අඩංගුවට

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යුධ සමයේදී වැළදැමූ යැයි සැක කරන රත්තරන් සහ මුදල් සොයා කැණීමක් කල සැකකරුවකු ඕමන්ත
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වව්නියාව, කනගරායම්කුලම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (54) හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙක්.

අදාළ සැකකරු ඉතා සූක්ෂම ලෙස හොර රහසේ තවත් දෙදනකු සමග ස්කෑනර් යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් පසුගිය යුධ සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් වළදැමූ බවට සැකකරන රත්තරං සහ මුදල් සොයා ස්ථාන කිහිපයක කැණිම් කරන බවට යුධ හමුදා බුද්ධි අංශ නිළධාරින්ට ලද බුද්ධි තොරතුකට
අනුව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකළේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබූ බවත්, එහිදී සැකකරුවන් දෙදනකු පලා ගොස් ඇති බවයි පරික්ෂණ පවත්වන ඕමන්ත පොලිසිය සදහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරුගෙන් පොලිසිය කල මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත්තේ තමන්
විසින් ස්කෑනර් යන්ත්‍රයක් යොදා ගනිමින් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වළදැමූ රත්තරං සහ මුදල් සොයා කැණීම් කිරීම සිදු කර ඇති බවයි.

එහිදී අත්අඩංගුවට පත් සැකකරු සන්ථකයේ තිබී ජංගම දුරකථනක්, යතුරුපැදියක් ඇතුළු කැණිම් සදහා යොදා ගත් තවත් උපකරණ රැසක්
පොලිසිය විසින් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *