එළවළු මිල පහළට

උත්සව සමය අවසන් වීමත් සමග එළවළු මිල සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

වෙළෙඳුන් පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් උත්සව සමයෙන් පසු එළවළු මිල ඉහළ යන නමුත් මෙවර එම තත්ත්වය වෙනස් වී ඇති බවයි.

එළවළු සිල්ලර මිල අවස්ථා ගණනාවකදී පාරිභෝගිකයාට දැරිය නොහැකි මට්ටමට ඉහළ ගිය නමුත් උත්සව සමය අවසන් වීමත් සමග එළවළු මිල සැලකිය යුතු ලෙස අඩු වී තිබෙනවා.

තක්කාලි ග්‍රෑම් 250 රුපියල් 40ක්, බෝංචි ග්‍රෑම් 250 රුපියල් 50ක්, බණ්ඩක්කා ග්‍රෑම් 250 රුපියල් 50ක්, කැරට් ග්‍රෑම් 250 රුපියල් 100ක් වශයෙන් කොළඹ පිටකොටුවේ එළවළු සිල්ලර මිල දැක්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *