එළවළු සතයට වැටී කුණු කූඩයට යන හැටි

උත්සව සමය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත පසුගිය දින කිහිපය තුළ ගෙනා විශාල එළවළු තොගයක් භාවිතයෙන් තොරව කසළ ලෙස ඉවත් කළ බවට තොරතුරු වාර්තා වෙනවා.

මෙලෙස විනාශකර ඇත්තේ, එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන්ගේ ඉල්ලුමට වඩා වැඩියෙන් ගෙනැවිත් අපතේ ගිය එළවළු බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම එළවළු තොගය මෙට්‍රික් ටොන් 40ක් පමණ වූ බවයි.

මෙම සිදුවීම වාර්තා වෙන්නේ ඉකුත් සමයේදී එළවළු මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් මේ දිනවල ඉතා පහත මිලක් දක්වා පසුබැස ඇති තත්ත්වයක් තුළයි.

What's your reaction?

Related Posts

1 of 949

Leave A Reply

Your email address will not be published. Required fields are marked *