ඔන්මැක්ස් ඩී.ටී අධ්‍යක්ෂකගේ කෝටි දෙකක ඉඩමටත් තහනමක්

නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු සිදු කළ ”ඔන්මැක්ස් ඩී.ටී.” ආයතනයේ අධ්‍යක්ෂක ධනංජය ජයාන් නමැත්තාට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් අත්තනගල්ලේ පිහිටි අක්කර දෙකහමාරක ඉඩමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (18) තහනම් කර තිබෙනවා.

නීති විරෝධී ලෙස ජනතා මුදල් වංචා කර ඇති එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන්ගේ සියලු දේපළ වහාම අත්පත් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මීට පෙර දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයකට අනුව රහස් පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන අධිකරණයට වාර්තා කළ අත්තනගල්ලේ ඉඩම මෙලෙස තහනම් කළ මහේස්ත්‍රාත්වරයා, ඒ පිළිබඳ අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට දැනුම් දීමටයි නියම කර ඇත්තේ.

වංචනික මුදල්වලින් එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් දේපළ මිලදී ගෙන ඇති බවටත්, මුදල් විවිධාකාර ආයෝජනයවලට ලක්කර තැන තැන හංගා ඇති බවටත්, මීට පෙර අවස්ථාවක ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ ආයතනයේ අධ්‍යක්ෂකවරුන්ගේ සියලු දේපළ වහාම අත්පත් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කර තිබුණා.

ඒ අනුව, අදාළ නඩුව අගෝස්තු 07 වැනිදා යළි කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 452

Leave A Reply

Your email address will not be published. Required fields are marked *