ඔයාමඩුවේ ආරම්භ කළ පොහොර නිෂ්පාදනාගාරය පිළිබඳ සොයා බැලේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව ප්‍රෙද්ශයේ දී පසුගිය වර්ෂයේ ආරම්භ කළ පෙලට් හා කැට පොහොර කර්මාන්තශාලාවේ ක්‍රියාකාරීත්වය හා එහි නිෂ්පාදනයන් පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

ශ්‍රි ලංකාව තුළ තාක්ෂණික වශයෙන් කාබනික උසස් කැට පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වශයෙන් හැඳින්විය හැකි මෙම කර්මාන්ත ශාලාව නේචර් බ්යුටි ක්‍රියේෂන්ස් ආයතනය ක්‍රියාවට නංවයි.

රජරටින් මුලු රටටම සිදු කළ දැවැන්ත ආයෝජනයක් වශයෙන් මෙම පෙලට් හා කැට පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාව හැඳින්විය හැකි ය.

ඉකෝ ප්‍රොටෙක්ට් ඉන්ජිනියරින් පුද්ගලික සමාගම නමින් මෙම පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාව නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත.

වර්ග අඩි 25000 කින් සමන්විත මෙම නිෂ්පාදනාගාරය නවීන පහසුකම්වලින් සමන්විතයි. වාර්ෂිකව කාබනික, දෙමුහුන් හා එන්.පී.කේ. රසායනික පෙලට් හා කැට පොහොර මෙට්‍ර්ක් ටොන් 10,000 කට අධික ප්‍රමාණයක් නිෂ්පාදන කිරිමේ හැකියාව ඇත. ඉදිරියේ දි පරිසර හිතකාමිව අධිතාක්ෂණික පොහාර නිපදවිමට අපේක්ෂා කරන අතර මේ වන විට ගෙවතු වගා, එළවලු, වී බඩඉරිගු,පොල් සහ තේ ආදි භෝග සඳහා පොහොර නිෂ්පාදන කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *