ඖෂධ වේදින්ගේ සංගමයේ සභාපති තුෂාර රණ දේව මහතා අද දින ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරමින් සිටියදී අනිවාර්ය නිවාඩුවීම පිළිබඳ අභියාචනයක් ජනාධිපතිවරයාට භාරදීම සඳහා
පසුගිය රජයේ කාලයේ ඖෂධ වංචා හෙළි කරමින් ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කළ මා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා
ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරී සවින් සේමගේ යන අය අපි වගේ දූෂණ වංචා හෙළි කරන අය මේ විදිහට අනිවාර්යය නිවාඩු යවන්නේ ඇයි
ඔහු වංචා දූෂණ වලට සම්බන්ධ නැත්ද කියලා හොයලා බලන්න නම් ඔහුගේ සහ ඔහු විසින් නැවත බඳවාගත් දූෂිත නිලධාරීන්ගේ දුරකථන වාර්තා ලබාගත යුතුයි
පසුගිය ආණ්ඩුවේ කීර්ති නාමයට හානි වුනේ මේ ඖෂධ වංචා සම්බන්ධ සිදුවීම් අපි කියනවා මේ නිලධාරීන් හදන්නේ නැවත මේ ආණ්ඩුවට එරෙහිව වෘත්තිය සමිති පෙළගස්වන්න
සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ජනාධිපතිවරයාගෙන් අග්‍රාමාත්‍යවතුමියගෙන් අපි ඉල්ලා සිටිනවා මෙම ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරියා පිළිබඳ සොයා බලන්න කියලා
ඔහු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාගේ දුරකථනය ඔවුන්ගේ භාරයට ගත්තා
අපේ දුරකථන වාර්තා හොයනවා වගේම පසුගිය කාලයේ දූෂණ වංචාවලට සම්බන්ධ වෙච්ච මේ නිලධාරීන්ගේ දුරකථන වාර්තා සොයා බලන්න කියලා අපි රජයට කියනවා