කටුකුරුන්දේ වෙඩි තැබීමට අනුබල දුන් අයෙක් අත්අඩංගුවට

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ වෙඩි තැබීමකින් තිදරු පියකු ඝාතනය කර ඔහුගේ 7 හැවිරිදි දියණියට තුවාල කිරීමේ සිද්ධිය කුමන්ත්‍රණය කරමින් ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත්තා.

ඒ අතුරුගිරිය නගරයේදී ඊයේ (20) දහවල් කාලයේදී බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු මානියම්ගම,අවිස්සාවේල්ල පදිංචිකරුවෙකු බවයි පැවසෙන්නේ.

මෙම වෙඩි තැබීම ඉකුත් මාර්තු 20 වැනිදා රාත්‍රියේ සිදුකර තිබුණු අතර මේ සැකකරු ඉන් අනතුරුව මාස දෙකකට පසුව පොලිස් අත්අඩංගුවට ගත්තා.

එම වෙඩිතැබීමෙන් මියගියේ අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා (38) නමැත්තෙක් බවත් ඔහු අපරාධ රැසකට සම්බන්ධ අයකු බවද පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු කළුතර දකුණ පොලිසිය බාරයේ පසුවනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *