කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් නීති විරෝධීව රට තුලට විශ මත්ද්‍රව්‍ය ගෙන ඒමට තැත් කල ගුවන් මගියෙකු 18/10/2024 දින රාත්‍රී 11.30 ට පමන අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 179 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොලේ සිට කටුනායකට පැමිනි මෙම මගියා සතුව අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.197 ක් තේකොල අඩංගු පැකට් වල සඟවා තිබී රේගුව සොයාගනු ලැබුවා.

රේගුවට කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් පිටවන හරිත මාර්ගයෙන් පිටවීමටයි මෙම මගියා උත්සාහ දරා ඇත්තේ.

මෙම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් මිලියන 250ක් බවට තක්සේරු කර තිබෙනවා.

වයස අවුරුදු 35 ක් වන ශ්‍රී ලාංකිකයෙකු වන මගියා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාල ගුවන් මගියා සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට භාර දී තිබෙනවා.

චායාරූප හා වීඩියෝ දර්ශන පහතින්

සීවලී අරුක්ගොඩ
අතිරේක ‍රේගු අධ්‍යක්ශ ජනරාල්
රේගු මාධ්‍ය ප්‍රකාශක

What's your reaction?

Related Posts

1 of 539

Leave A Reply

Your email address will not be published. Required fields are marked *