කඩු 5ක් සමඟ අයෙකු පොලිසියට හසුවෙයි

යාපනය ආශ්‍රිත කිසියම් ප්‍රදේශයක අපරාධයක් සිදු කිරීම සඳහා යමින් සිටි බවට සැකකෙරෙන තරුණයෙකු යතුරුපැදියක් හා කඩු පහක් සමග යාපනය පොලිසිය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේදී අංක තහඩු නොමැතිව ලියපදිංචි නොකළ යතුරුපැදියක් මාර්ගයේ ගමන් කරමින් තිබියදී එය නැවැත්වූ පොලිස් නිලධාරීන් යතුරුපැදියේ සිටි තරුණයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහුට සිය ගමන පිළිබදව ස්ථිරව යමක් ප්‍රකාශ කිරීමට නොහැකිව තිබෙනවා.

එහිදී ඔහු සම්බන්ධයෙන් සැකකළ පොලිස් නිලධාරීන් ඔහු හා ඔහු පදවාගෙන ගිය යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී උල් පිහියක් හා කඩුවක් හමුවී තිබෙනවා.

අනතුරුව සැකකරුව පොලිස් නිලධාරීන් පොලිසියට රැගෙන ගොස් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කිසියම් අපරාධයක් සඳහා එලෙස යමින් සිටි බවට තොරතුරු සනාථ වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

අනතුරුව සැකකරුගේ නිවස පරීක්ෂාකළ පොලිස් නිලධාරීන්ට එම නිවසේ තිබී තවත් කඩු හතරක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් තව දුරටත් ප්‍රශ්න කොට ඔහුව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *