කථානායකට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 42 කින් පරාජය වෙයි

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42 පරාජය වී තිබෙනවා.

මෙම ඡන්ද විමසුමේ දී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක් ලැබුණු අතර විපක්ෂව හිමි වූ ඡන්ද ප්‍රමාණය 117ක්.

එමෙන්ම ….. ඡන්දය දීමෙන් වැළකී සිටියා.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42 කින් පරාජයට පත් වුණා.

මීට අදාළ යෝජනාව පිළිබඳ විවාදය පසුගිය 19 වැනිදා ආරම්භ කළ අතර එය දින 3ක් පුරා පැවැත්වුණා.

විවාදය ක්‍රියාත්මක වූ දින තුනෙහිම කථානායකවරයා සිය අසුනට පැමිණියේ නැහැ.

කෙසේ වෙතත් ඡන්ද විමසීම පැවැත්වීමෙන් පසුව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි

What's your reaction?

Related Posts

1 of 744

Leave A Reply

Your email address will not be published. Required fields are marked *