කමිඳුගේ දස්කම් අදත් ශ්‍රී ලංකාව ඔසවා තබයි

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 302ක් රැස් කිරීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහිදී ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

එහිදී කමිඳු මෙන්ඩිස් පන්දු 173ක දී ලකුණු 114ක් රැස් කිරීමට සමත් වූ අතර කුසල් මෙන්ඩිස් පන්දු 68කදී ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුණා.

ඇන්ජලෝ මැතිවුස් ලකුණු 36ක්ද, දිනේෂ් චන්දිමාල් ලකුණු 30ක් ද රැස් කළ අතර පැතුම් නිස්සංක ලකුණු 27ක් රැස් කළා.

එමෙන්ම රමේෂ් මෙන්ඩිස් ලකුණු 14කට දැවී ගිය අතර ධනංජය සිල්වා ලකුණු 11කට සහ දිමුත් කරණාරත්න ලකුණු 2කට දැවී ගියා.

පන්දු යැවීමේ දී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් William O’Rourke කඩුලු 3ක් දවා ගත් අතර Glenn Phillips කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

එමෙන්ම සිය කණ්ඩායම වෙනුවෙන් Ajaz Patel සහ Tim Southee එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

 ශ්‍රී ලංකාව මේවන විට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවන අතර, නවසීලන්තය රැඳී සිටින්නේ එහි තෙවැනි ස්ථානයේයි.

ඒ අනුව, ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් දෙපිලටම මෙම තරග දෙකේ ජය තීරණාත්මක වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *