කයිය නායකයෝ කයිවාරු ගහද්දි විපක්ෂයේ සිටි අපෙන් රටට රුපියල් බිලියනයක්

මෙරට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රටට සේවයක් කළ බවත් සක්වල හා හුස්ම වැඩසටහන් තුළින් පාසල් පද්ධතියට අගයක් එකතු කළ බවත් එම ප්‍රමාණය රුපියල් බිලියනයකට ආසන්න බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (25) තඹුත්තේගම පැවැති ජන රැළිය අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ තමා තඹුත්තේගම මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක බස් රථයක් ලබා දි පැය 48ක් යාමට පෙර කයිය නායකයෝ ටික තමාට බස් මෑන් යනුවෙන් නම් පටබැඳි බවය.

එමෙන්ම රට ගොඩගන්න කයිය නායකයන්ට නොව වැඩ කරන නායකයන්ට පුළුවන් බවත් කයිය නායකයෝ දන්නේ කයිවාරු ගහන්න මිස වැඩ කරන්න නොවන බවත් තමාට වැඩ කරන්න පුළුවන් හොඳම ශක්තිමත් හා බුද්ධිමත් කණ්ඩායම තමා සතුව සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *