කවදත් අපේ අරමුණ රටට මුල්තැන ජනතා ප්‍රශ්නවලට විසදුම – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ජනාධිපතිවරණය පවත්වා එක් පාර්ශ්වයක් ජය ගත් බවත් දැන් මහමැතිවරණයක් ඇති බවත් ජනාධිපතිවරණයේ පසුබැමට ලක්වු දෙවැනියට ජන්ද ගත් බලවේගයක් ලෙස හැමදාම අනුගමනය කළ වැඩපිළිවෙළ වන රටට මුල් තැන ලබා දීම ලක්ෂ 220 ජනතාවගේ ප්‍රශ්න ගැටලුවලට විසදුම් ලබා දීමට, ශක්තියක් වීම, කුහක ඊර්ෂයාකාර වෛරී ක්‍රෝධී දේශපාලන ක්‍රමයෙන් බැහැරව බංකොලොත්භාවයෙන් රට ගොඩගන්නා වැඩපිළිවෙළට යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තරුණයන්ට ශක්තිය ලබා දී නව ව්‍යවසායකයන් ලෙස රටේ දියුණුව වෙනුවෙන් තරුණයන් යොදා ගැනිම හා ප්‍රශ්නවලට උත්තර හා විසදුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නැගෙනහිර කොළඹ බලප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවති හමුවකදී.

ලක්ෂ ගණනින් රැකියා නොමැති සිටින විට ජාත්‍යන්තර ප්‍රජාවෙන් විදේශීය ආයෝජකයන්ගෙන් වැඩි වැඩියෙන් ආයෝජන කරන ලෙස ඉල්ලා සිටින බවත් සෘජු විදේශීය ආයෝජන රටට එනවාට කැමති බවත් රට තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇති කර තොරතුරු තාක්ෂණ අපනයන වැඩි කළ යුතු බවත් ලෝකෙට ගැලපෙන අධ්‍යාපනයක් හා සුහුරු පුරවැසියන් බිහිකළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ජනාධිපතිවරණය අවසන්ව මහමැතිවරණය පැමිණි මොහොතේ රටේ ජනතාවගේ ප්‍රශ්න අභියෝගවලට විසදුම් දිය යුතු බවත් කතාවට පමණක් සීමා නොවි මහපොලොවේ යථාර්ථයක් වියයුතු බවත් මහමැතිවරණයට ප්‍රවේශ වන්නේ රටට ලබා දිය යුතු ප්‍රශස්ත විසදුම් ටික ජනතාවාදී ජනහිතකාමී දර්ශනයක් තුළින් බවත් නැති බැරිකම තුරන් කරන සියලු ජනයා ඇති හැකි අය බවට පත් කරන දෙපයින් නැගි සිටියහැකි අභිමානවත් ජන පරපුරක් ඇති කරන බවත් එය සමගි ජන බලවේගයේ චින්තනය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *