කළු ගඟෙහි කුඩා ගඟ සහ ගිං ගඟට නිකුත් කළ ගං වතුර අනතුරු ඇඟවීම තවදුරටත්

පවතින වැසි තත්වයත් සමඟ කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම ගිං ගඟ ද්‍රෝණිය සඳහා ද නිකුත් කළ ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව මෙන්ම ප්‍රදේශය හරහා පිහිටි අතුරු මාර්ගවල ගමන් ගන්නා රියදුරන් ද අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *