කළුතර වස්කඩුවේ නිවාස 500 ක් පමණ ජලයෙන් යටවේ. 3000 කට අධික පිරිසක් පීඩවට

කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වස්කඩුව ගම්මානයේ වෙරළබඩ නිවාස 500 කට අධික ප්‍රමාණයක් වැසි ජලයෙන් යටවී පුද්ගලයන් 3000 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටී.

අවතැන් වූ ජනතාව වෙනුවෙන් කිසිදු සහනයක් ලැබී නොමැති අතර , එම ප්‍රදේශයේ ජනතාවම එක්වී කුඩා ටකරන් කූඩාරමක් සකස් කරගෙන දිවා ආහාරය පිලියෙල කරගන්නා අයුරු දැකගත හැකිවිය .

සුනඛයන් වැනි සුරතල් සතුන් පවා ජලයෙන් පීඩාවට පත්ව ඇති අයුරු දැකගත හැකිවූ අතර , වැසිකිලි ද යටවීමෙන් වැසිකිලි වලවල් උතුරා වැසි ජලයට මුසුව ඇති බැවින් කාන්තාවන්ට වැසිකිලි පහසුකම් වලදී ගැටළු මතුව ඇති බව ප්‍රදේශවාසීහූ පවසති .

දුම්රිය මාර්ගය දෙපස ජනතාව මෙසේ පීඩාවට ලක්ව සිටී අතර, දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටා ඇති සමුද්‍රරාසන්නා රාමයද ජලයෙන් යටවී තිබුනි.

What's your reaction?

Related Posts

1 of 309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *