ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න හදිසි අනතුරකට ලක්වෙයි

අද (14) පෙරවරු 7.30 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

ළහිරු තිරිමාන්න සහ පවුලේ අය ගමන් ගත් මෝටර් රථය අනුරාධපුර දෙසටත් ලොරිය කැකිරාව දෙසටත් ධාවනය කර ඇත.

තිරප්පනේ පොලිසිය පැවසුවේ මෝටර් රථයේ රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවට සැක කරන බවයි.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *