ක්ලබ් වසන්ත ඝාතනයේ අද අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුලු තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අද දිනයේ අත්අඩංගුවට සැකකරු පැය 48 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. ජී. පී. කරුණාරත්න අවසර ලබාදී තිබෙනවා.

මෙම සැකකරු අලුත්ගම – දර්ගා නගරයේ පදිංචි වෙළඳසැළක අත්උදව්කරුවෙකු ලෙස සේවය කළ 24 හැවිරිදි අයෙක්.

අදාළ වෙඩිතැබීම සඳහා යොදාගත් උණ්ඩවල KPIලෙස සටහන් කිරීම සහ මෝටර් රථයකින් සැකකරුවන් රැඳී සිටි අතුරුගිරිය ගල්පොත්ත පාර ප්‍රදේශයට ගොස් එම සැකකරුවන් ප්‍රවාහනය කර ඇත්තේ මෙම පුද්ගලයා බවටයි විමර්ශන හෙළිවී ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *