කාටුනායකට රත්තරං සාප්පුවක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ /සංක්‍රමණ කලාපයේ රත්තරන් සාප්පුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගුවන්තොටුපලේ නව ව්‍යාපාරික අවස්ථාවක් වශයෙන් රත්රන් ව්‍යාපාරය හඳුන්වාදීමේ යෝග්‍යතාවය සලකා බලා ඇති අතර ඒ සම්බන්ධයෙන් වන යෝජනා සීමා සහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇතැයි රජය කියයි.

දැනට බණ්ඩාරනායක ගුවන්තොටුපොලේ මෙම පහසුකම නොමැති බැවින් එහි පිටත්වීමේ කලාපයේ රත්තරන් සාප්පුවක් පිහිටුවීමට සීමා සහිත ගුවන් තොටුපළ සහ ගුවන්සේවා පෞද්ගලික සමාගම සැලසුම් කර තිබේ.

මෙම රත්තරන් සාප්පුව ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු මෙහෙයුම්කරුවකු තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවීම පිණිස වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *