කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද සිට තරග කිහිපයක් මෙරට දී ආරම්භ වීමට නියමිතය.
අද (02) සවස 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර තරගය ආරම්භ වේ.මෙරට දී පැවැත්වෙන සියලු තරග නොමිලේ නැරඹීමට ප්‍රවේශ පත්‍ර හිමිවන අතර, ගේට්ටුව සවස 1 සිට විවෘතව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මෙවර තරගාවලියේදී කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිත අතර, ඉන්දියාවේ ක්‍රීඩාංගණ 4කදී සහ ශ්‍රී ලංකාවේදී එක් ක්‍රීඩාංගණයකදී තරගාවලියේ තරග ක්‍රියාත්මක වේ.
මෙවර තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන තරග 7න් 5ක් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරග දෙකක් ඉන්දියාවේදී පැවැත් වේ.
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් දිවයිනට පැමිණ තිබේ.
ඊයේ (01) රාත්‍රී 8.35ට පමණ මෙම කණ්ඩායම් විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණි අතර, ඔවුන්ව පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.