කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (07) පැවැත්වෙනවා.

එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එහිදී ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

පස්වරු 2.30ට ආරම්භ වන මෙම තරගය ජයගතහොත් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට හිමි වනු ඇති.

තරගාවලියේ පළමු එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර දෙවන තරගය ශ්‍රී ලංකාව ලකුණු 32කින් ජය ගත්තා.

අද තරගය සදහා කණ්ඩායම් දෙකේ කිසිදු වෙනස්කමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *