කැකිරාවේදී මාරක අනතුරක්

යතුරුපැදි අනතුරකින් යුධ හමුදා ලාන්ස්කෝප්‍රල්වරයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කැකිරාව – එප්පාවල මාර්ගයේ මහමීගස්සෑගම ප්‍රදේශයේදී අද (30) පස්වරු 4.30ට පමණ මෙම මාරක රිය අනතුර සිදුව ඇති බවයි ඉපලෝගම පොලිසිය පවසන්නේ.

අනතුරට පත් ලාන්ස් කෝප්‍රල්වරයා ගමන්ගත් යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ වූ දුරකතන රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ 522 පාබල බලසේනා මූලස්ථානයට අනියුක්තව යාපනය ප්‍රදේශයේ සේවයේ නියතු ලාන්ස් කෝප්‍රල්වරයෙක්.

මිය ගිය ලාන්ස් කෝප්‍රල්වරයා මහඉලුප්පල්ලම‍, කැලේදිවුල්වැව‍, පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබෙනවා.

ඔහු 31 හැවිරිදි විවාහක එක් දරු පියෙකු බවයි පොලිසිය කියා සිටියේ.

ලාන්ස් කෝප්‍රල්වරයා මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව ඇත්තේ එක් දිනක විශේෂ නිවාඩුවක් ලබා සිය නිවසට පැමිණ සිටි අවස්ථාවේදීයි.

අනතුරින් බරපතළ තුවාල ලබා සිට ඇති ලාන්ස් කෝප්‍රල්වරයා ප්‍රතිකාර සඳහා එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතත් ඒ අවස්ථාවේදී මිය ගොස් ඇති බව පොලිසිය පැවසුවා.

මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් ඉපලෝගම පොලීස් රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *