ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 2024 ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් සූරතාවය කොළඹ ඉසිපතන විද්‍යාලීය පිහිනුම් තටාකයේදී දීපැවතුණා..
දින පහක් පුරා පැවැති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට අධික ප්‍රමාණයක් සහභාගි වුණා..
කිලවෙල් ක්‍රීඩා සමාජය ලකුණු පන්සිය අනූ පහයි දශම පහක් ලබා ගනිමින් ජ්‍යෙෂ්ඨ ජාතික පිරිමි සූරතාවය හිමි කර ගත්අතර
ස්ටැපට් ජාත්‍යන්තර පාසල එහි අනුශූරතාවය දිනා ගත්තේ ලකුණු 360 ක් ලබා ගනිමින්…
කාන්තා ජේෂ්ඨ ශූරතාවය කිලවේල් කාන්තා කණ්ඩායමට හිමි වුණා..ඒ සඳහා කාන්තා කණ්ඩායම ලකුණු පන්සිය පනස් නවයක් හිමිකරගත්තා..
කාන්තා අනුශූරතාවය හිමිවූයේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු දෙසි අසුවක් ලබා ගනිමින්…
බාලක කනිෂ්ඨ අනුශූරතාවය හිමිවූයේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයටයි
ඔවුන් ලකුණු 604 ක් ලබා ගත්තා..
එහි අනුශූරතාවය හිමිවූයේ ගම්පහ දිස්ත්‍රික් ජල ක්‍රීඩා සංගමයටයි ඔවුන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව වූයේ 279…
බාලිකා කනිෂ්ඨ සූරතාවය හිමිවූයේ ලකුණු 292ක් ලබාගත් කොළඹ මියුසියස් විද්‍යාලයයි..
එහි අනුශූරතාවය හිමිවූයේ ලකුණු 378 ක්ලබාගත් වත්තල ලයිසියුම්විද්‍යාලයයි…
ජ්‍යෙෂ්ඨ අංශයේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ සහිරා විද්‍යාලයේ M.F MUHAMMAD ..
දක්ෂතම ක්‍රීඩකාව වූයේ කිලවෙල් ක්‍රීඩා සමාජයේ මිනාගී රූප සිංහ ක්‍රිඩිකාවයි..
ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ මහින්ද ලියනගේ (ප්‍රධාන ලේකම්), නේත්රු නානායක්කාර (උප සභාපති), සම්පත් සේනානායක (විධායක කමිටු සාමාජික) යන මහත්වරු සහභාගි උනා..

























