කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහාය දෙන තීරණයක් නෑ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය දීමට තමන් තීරණය කර නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

එසේම ඇත‍ැම් මාධ්‍ය මෙන්ම ආණ්ඩුවේ සහ විපක්ෂ දේශපාලනඥයින් ඔහු සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටළුව මේ වන විට අධිකරණයේ පවතින බවත් අධිකරණය විසින් පක්ෂයේ සභාපතිවරයා කවුද යන්න මෙතෙක් තීන්දුවක් දී නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ සම්පුර්ණ බලතල ඇත්තේ සභාපතිවරයාට බවයි ඔහු සඳහන් කරන්නේ.

එබැවින් වෙනත් කිසිදු නිළධාරියකු විසින් කරනු ලබන පත්කිරීම් සහ ගනු ලබන තීරණවල කිසිදු වලංගුභාවයක් නොමැති බවයි එම නිවේදනය හරහා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *