කුරූණැගල පුත්තලම මාර්ගයේ සිදුවුණු බිහිසුණු අනතුර

කුරූණැගල පුත්තලම මාර්ගයේ වැලගනේ කන්ද ප්‍රදේශයේ දී බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ ඉන්ධන නොමැති වීමෙන් මාර්ගය අයිනේ නවතා තිබිය දී එම දිසාවටම පිටුපසින් පැමිණි යතුරුපැදියක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන්.

පොලිසිය පවසන්නේ මෙම අනතු‍රින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

ජීවිතක්ෂයට පත් වූ යතුරුපැදිකරු අවුරුදු 30 හැවිරිදි බවයි සඳහන් වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කුරූණැගල පොලිසිය විසින් සිදුකරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *