කෙහෙළියට වෑන් රථයක් දුන්නේ බස් රථ නොමැතිවීම නිසයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් කොළඹ මහාධිකරණය වෙත රැගෙන ඒම සඳහා බන්ධනාගාර බස් රථ නොමැති වීම හේතුවෙන් පසුගිය 12 වැනිදා ආරක්ෂණ අංශය සතු වෑන් රථයක් යොදාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.

කොළඹ බන්ධනාගාර ආරක්ෂණ අංශය කොළඹ බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන් බස් රථ සහ වෑන් රථ මගින් අධිකරණ වෙත රැගෙන යන බවත් එම අංශය සතුව දරුවන් රැගෙනයාම සදහා කේ.ඩී.එච්. වර්ගයේ වෑන්රථ තුනක් සහ ජර්නී වර්ගයේ බස් රථයක් ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

රැඳවියන් අධිකරණයන් වෙත ආරක්ෂණය කිරීමට ප්‍රමාණවත් බස් රථ නොමැති ඇතැම් අවස්ථාවන්හිදී ආරක්ෂණ අංශය සතුව ඇති වෑන් රථ යොදාගැනීමට සිදුවන බවත්ඇතැම් දිනවල අධිකරණ වෙත රැඳවියන් විශාල සංඛ්‍යාවක් රැගෙන යාමට සිදුවීමෙන් කොළඹ බන්ධනාගාර ආරක්ෂණ අංශය සතු බස් රථ හා වෑන් රථ ප්‍රමාණවත් නොවන බවත් එවැනි අවස්තාවලදී එම බන්ධනාගාරය සතු වෑන් රථ යොදා ගැනිම ඉතා කලාතුරකින් සිදුවන බවත් බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *