හලාවත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 45ක් සන්තකයේ තබාගෙන සිටි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතර දෙනෙකු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්.
එමෙන්ම, සුරාබදු දෙපාර්තමේන්තුවේ වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.