කොටදෙණියාව හල්ඔලුව කන්ද ප්‍රදේශයේ ජලය පිරුණු වළක දියනෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලි මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 14 ක් වූ වරාදල, කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක් වන අතර මෙම දරුවා ඊයේ (16) සවස ඔහුගේ තවත් යහළුවන් 05 දෙනෙකු සමග මෙම දියවළේ දියනෑමට ගොස් තිබේ.

එම අවස්ථාවේ මෙම දරුවා දියේ ගිලී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි

What's your reaction?

Related Posts

1 of 437

Leave A Reply

Your email address will not be published. Required fields are marked *