කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් අනතුරට ලක් වෙයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවට ඇතුලත් කිරීමේදී නියමිත ස්ථානයේදී දුම්රියක් නවතා ගැනීමට එහි කාර්ය මණ්ඩලයට අපොහොසත් වීමත් සමග එම දුම්රිය වේදිකාවද කඩාගෙන ඉදිරියට ගමන් කර තිබෙනවා.

අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 2.35ට හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

අනතුරෙන් දුම්රිය ගමනාගමනයට ගැටලුවක් වී නොමැති අතර දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *