”කොන්ද පණ නෑ” කියූ මිතුරා ඝාතනය කරලා

මිතුරන් සිව් දෙනෙකු පැවැත් වූ සාදයක් අතරතුර සිදු වූ බහින්බස් වීමක් දුරදිග ගොස් සිදුකළ පහරදීමකින් එක් මිතුරෙක් රෝගල් ගත කරනු ලැබුවේ මීට දින 06කට ඉහතදීයි.

එම ප්‍රහාරයට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මිතුරා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ගලවත්ත ගිරිකොල , ලන්දේවත්ත පදිංචිව අවුරුදු 44ක පුද්ගලයෙක්.

ඔහු මිතුරන් 04 දෙනෙකු සමඟ සාදයක් පවත්වා ඇති අතර එම අවස්ථාවේදී සාදය පැවැත්වූ නිවසේ හිමිකරු සමඟ මෙම බහින්බස් වීම සිදුව තිබෙනවා.

සාදය පැවැත්වූ නිවසේ හිමිකරුගේ බිරිඳ තරහ වී නිවසින් ගොස් ඇති අතර ”උඹේ කොන්ද පණ නැතිකම නිසා තමයි බිරිඳ දාලා ගියේ” යන්න ප්‍රකාශ කිරීම නිසා මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිදුවීම සිදු වූ දිනයේම එම ස්ථානයේ සිටි සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

What's your reaction?

Related Posts

1 of 742

Leave A Reply

Your email address will not be published. Required fields are marked *