දිවයින්ට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වයඹ පළාතට ඇදහැළුණු අධික වර්ෂාවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම හේතුවෙන් කොබෙයිගනේ අඩම්පන් ප්‍රදේශයේ සිරවී සිටි තිදෙනකු බේරා ගැනීමට යුද්ධ හමුදාව භට පිරිස් අද(28) දින සමත් විය.
දැදුරැඔය ජලාශයේ වන්දොරටු විවෘත කිරීමත් සමඟ පහත්බිම් ජලයෙන් යට වීම සිදු වු අතර අඩම්පන් ප්‍රදේශයේ මසුන් ඇති කිරීමේ ව්‍යාපාරයේදී සිටි එක් ගැහැණු අයෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ මෙලෙස එම ස්ථාන වෙත පිටත්ව ගොස් තිබු අතර වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ඔවුන්ට නැවත නිවෙස් වෙත පැමිණිමට නොහැකිව මෙලෙස සිරවී ඇත.යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් මත ඇතිවි තිබෙන හදිසි තත්වයට ප්‍රතිචාර දැක්වීමට සුදානමින් සිටි බටහිර ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක යුද්ධ හමුදාවේ භට පිරිස් විසින් සිරවී සිටි පුද්ගලයන් තිදෙනා නිරුපද්‍රිතව මුදවා ගැනීමට සමත් විය..