කොරියාවේ සුපිරි රංගන ශිල්පියෙකුට සිර දඬුවමක්

නිර්වින්දන ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස භාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයකට වැරදිකරුවෙකු ලෙස කොරියානු රංගන ශිල්පී යු ආ-ඉන් අද(03) එරට අධිකරණය විසින් නම් කරනු ලැබුවා.

38 හැවිරිදි යු ආ-ඉන් Netflix ඔස්සේ විකාශය වන ”hellbound” googbye earth” කතා මාලාවට සිය රංගන දායකත්වය සපයනවා.

2020 සහ 2022 වර්ෂයන් අතරතුරදී නිර්වින්දන ඖෂධ පෙති 181ක් මත්ද්‍රව්‍ය ලෙස භාවිත කිරීම, වෙනත් පුද්ගලයින්ගේ නමින් නිදිපෙති 1,100කට ආසන්න සංඛ්‍යාවක්ල බාගැනීම ඔහුට එරෙහි චෝදනා වනවා.

එමෙන්ම ඉකුත් ජනවාරි මසදී අමෙරිකාවේදී මර්ජුවානා භාවිතය සහ ඔහු ට එරෙහි සාක්ෂි ඉල්ලා අස්කරගැනීමට සාක්ෂිකරුවන්ට බලකිරීම යන චෝදනා සඳහා වැරදිකරු වී ඇති බවයි වාර්තාවන්නේ.

ඒ් අනුව කොරියානු අධිකරණය විසින් ඔහුට වසරක සිර දඬුවමක් සහ වොන් මිලියන 2ක දඬ මුදලක් පැනවීමට නියෝග කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *