COVID-19 වසංගතය අතරතුර ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තියේ වින්දිතයන්ට වන්දි ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.
ඒ සම්බන්ධව සමාව අයැදීමේ යෝජනා ගෙන ඒම පමණක් ප්‍රමාණවත් නොවන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.