අද දහවල් ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටීම නිසා යතුරු පැදියේ ගමන් කල පැදිකරු මියගොස් ඇත. මෙම අනතුරට හේතුව ලොරි රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී ධාවන බව පොලිසිය පවසයි. ලොරි රථය ඉදිරියෙන් ගමන් කළ වාහනයකට ඉස්සර කර යෑමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇත. ලොරි රථය අලව්ව දෙස සිට වරකපොල දෙසට ධාවනය කර ඇත. යතුරු පැදිය වරකාපොල දෙස සිට අලව්ව දෙසට ගමන් කර ඇත.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ හෝමාගම පනාගොඩ ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි P.G. ඉසුරු ජනිත් නැමැත්තාය. ලොරි රජයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර පරීක්ෂණ වරකාපොල පොලිසිය වාසින් සිදුකරයි.