කොළඹ නුවර පාරේ මාරක අනතුරක්.

කොළඹ නුවර පාරේ අලුත්ගමුව, බෝගමුව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් මියගොස් ඇත්තේ යතුරුපැදිකරු සහ පසුපැදිකරු බවයි පොලිසිය පවසන්නේ.

කොළඹ සිට මහනුවර දෙසට ධාවනය කළ යතුරුපැදියක් නැවත කොළඹ දෙසට හැරවීමට යාමේදී මහනුවර දෙස සිට පැමිණි බස්රථයක ගැටී ඊයේ රත්‍රීයේ (30) අනතුර සිදුව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ දෙදෙනා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය බවයි පොලිසිය පැවසුවේ.

බෙම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *