කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු නඩු භාණ්ඩ භාරකරු රඳවා ගෙන ප්‍රශ්ණ කරන්නැයි නියෝග

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ හෙරෝයින් කිලෝ ග්‍රෑම් 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එහි හිටපු නඩු භාණ්ඩ භාරකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 4 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර ලබා දෙනු ලැබුවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තබා තිබූ රුපියල් කෝටි 24 ක් වටිනා හෙරොයින් කිලෝ 12 ක් අතුරුදන් වී ඇති බව පසුගිය දා අධිකරණයේදී අනාවරණය වූ අතර, ඒ අනුවයි සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *