කොළඹදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි

කෙසෙල්වත්ත පොලිස් වසමේ ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ අද (07) අළුයම් කාලයේ දී තියුණු ආයුධයකින් පහරකෑමට ලක්වූ කාන්තාවක් මියගොස් ඇති බව කෙසෙල්වත්ත පොලිසිය පවසනවා.

මරණකාරිය වයස අවුරුදු 32ක් පමණ කාන්තාවක්වන අතර, ඇයගේ ස්ථිර ලිපිනයක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකාරිය සහ තවත් පුද්ගලයෙකු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *