කෝටි ගණනක දේපළ මුදාහරින්න – දෙමටගොඩ රුවන්ගෙන් මෝසමක්

අධිකරණ නියෝග මත මේ වනවිට අත්හිටුවා තිබෙන රුපියල් කෝටි ගණනක් වූ සිය දේපළ මුදාහැරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සිරිනාථ පතිරනගේ රුවන් චමිල හෙවත් ‘දෙමටගොඩ රුවන්’ සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකර තිබෙනවා.

අදාළ මෝසම ඊයේ (26) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ මෝසම ජුනි මස 27 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැඳවා කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි.

‘දෙමටගොඩ රුවන්’ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් සිය සේවා දායකයාගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එම වත්කම් තහනම් කරමින් අධිකරණ නියෝග ලබාගෙන මේ වනවිට වසරකට අධික කාලයක් ගත වී තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

ඒ අනුව අදාළ වත්කම් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *