කෝප්පෙන් ජනාධිපති වෙන්න හැදූ ජනක රත්නායක ටැප් එකෙන් මහ මැතිවරණයට

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති සහ පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂක ජනක රත්නායක මහතා මෙවර ටැප් එක ලකුණෙන් තරග වදිනවා
ඔහු තරග වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයටයි
අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ජනක රත්නායක මහතා පැවසුවේ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් තමා ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවයි.
විදුලි බල මණ්ඩලය ේ අනිසි ලාභ ඉපයීම පිළිබඳව දිගටම සටන් වැදුනේ මමයි,
මම රුපියල් කෝටියක් වියදම් කරමින් ජනතාව වෙනුවෙන් නඩුවක් ගෙනියනවා ඒ ජනතාවට සහන ලබාදීමටයි
පවතින ආණ්ඩුව නිසි මඟට ගැනීමට මම ක්‍රියා කරනවා .
ජනතාව මා කෙරෙහි විශ්වාසය තබයි කියා මා හිතනවා
අනුර කුමාර මහතා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින්ච හමුවී දේශපාලන කතාවක් කළා
එහි ඇති වංචා දූෂණ පිළිබඳව මම පැහැදිලිව පෙන්වා දී තිබෙනවා
කොළඹ ගං වතුර පාලනයට නිසි සැලැස්මක් නෑ
එය සැලසුම් කිරීමට මට හැකියාව තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *