ගංවතුර පවතින ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස්

දිස්ත්‍රික්ක කිහිපයක බලපා ඇති ගංවතුර තත්වයත් සමග බෝවන රෝග පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

වැසි ජලයත් සමග සමේ රෝග ද ඇතිවීමේ අවදානමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් කුඩා දරුවන් සහ ගර්භණී මව්වරුන් ඒ පිළිබඳ වඩාත් සැළකිලිමත් වන ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ ප්‍රකාශ කළා.

මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඉදිරි කාලයේ දී ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ යා හැකි බැවින් මදුරුවන් බෝ වන ස්ථාන හදුනා ගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරන බව ජාතින ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ අනුව දිස්ත්‍රික්ක 15ක අවදානම් කලාප ලෙස හදුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක ධුමායන කටයුතු සහ මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගැනීමේ කටයුතු අඛන්ඩව සිදු කරන බවයි එම ඒකකය නිවේදනය කළේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 24,920ක් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *