ගංවතුරට කොටු වූ 36 දෙනකු නාවික හමුදාව මුදවාගනී

ගංවතුරට සිරවී සිටි පුද්ගලයන් 36 දෙනකු මුදවා ගැනීමට අද(03) උදෑසන වන විට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

මේ අතර පුද්ගලයන් 400කට ආසන්න ප්‍රමාණයක් වෙත යාත්‍රා මඟින් ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සහ ආහාරපාන බෙදා දීමට නාවික හමුදාව කටයුතු කළා.

කොළඹ දිස්ත්‍රික්කයට (06)ක් කළුතර දිස්ත්‍රික්කයට(08)ක් රත්නපුර දිස්ත්‍රික්කයේ (01) ගාල්ල දිස්ත්‍රික්කයේ (06)ක් සහ මාතර දිස්ත්‍රික්කයේ (12)ක් වශයෙන් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තිස් තුනක් (33) යොදවා තිබෙනවා.

නාවික හමුදාව විසින් ගංවතුරෙන් පීඩාවට පත් බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත්වල ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනවා.

මහජනතාව ආරක්ෂිතව මුදාගැනීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යාත්‍රා මඟින් ප්‍රවාහන පහසුකම් හා ආපදා සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවයි නාවික හමුදාව පවසන්නේ.

ඉදිරියේදී අවශ්‍යතාවය මත අමතර සහන කණ්ඩායම් හැටක් (60) සූදානමින් තබා ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *