ගතවූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 65ක්

ගත වූ පැය 24ක කාලය තුළදී පමණක් මැතිවරණ පැමිණිලි 65ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ඉන් පැමිණිලි 35ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි ඉතිරි 30ක් ලැබී ඇති බව සඳහන් වනවා.

මේ අතර පසුගිය ජුලි 31 සිට ඊයේ (18) දිනය දක්වා සමස්ත පැමිණිලි 631ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *