ගම හරහා දිවීමේ තරගයකදී පුතුට, සහය පළ කළ පියෙකු හදිසියේ මරුට

රත්නපුර – පැල්මඩුල්ල බටලන්ද ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක ගම හරහා දිවීමේ තරගයට එක් වූ පුත්‍රයා දිරිමත් කරමින් දිව ගිය පියෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තරගයට එක් වූ පුත්‍රයා 16 හැවිරිදි වියේ පසු වනවා.

පුත්‍රයා ගම හරහා දිව යන අවස්ථාවේ ඔහු දිරිමත් කරමින් දිව ගියපියා මද දුරක් ගිය පසු ක්ලාන්ත වී ඇද වැටී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

පසුව මොහු පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණා. මිය ගිය පියා 60 හැවිරිදි වියේ පසු වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *