ගාල්ලේදී මාරක අනතුරක්

ගාල්ල නගරය ආසන්නයේදී මෝටර් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැළක් අසළ සිටි කාන්තාවන් හතරදෙනෙකුගේ ඇඟේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඉන් බරපතල තුවාල ලැබූ කාන්තාවන් හතරදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් එක් අයෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 53 ක් වයසැති මතුගම – පොල්ගම්පල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ගාල්ල – කොටුව දෙස සිට ගාල්ල නගරය දක්වා මෙම මෝටර් රථය ගමන් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එහි රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *