ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සදහා ලබාදෙන (h p v) එන්නත ලබාදීමෙන් පසු වාද්දුව බාලිකා විද්‍යාලයේ සිසුවියන් සිව්නෙකු හදිසියේ රෝගාතුරව රෝහල් ගත කල බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .

ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සදහා ලබාදෙන (h p v) එන්නත ලබාදීමෙන් පසු වාද්දුව බාලිකා විද්‍යාලයේ සිසුවියන් සිව්නෙකු හදිසියේ රෝගාතුරව රෝහල් ගත කල බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .

මෙසේ රෝහල් ගතකර ඇත්ත් වයස අවුරුදු 11 – 12 ත් අතර වියේ පසුවන සිසුවියන්ය

රෝහල් ගතකල සිසුවියන් සිව්දෙනා වමනය සහ හුස්ම ගැනීමේ අපහසුතාවය හා උදරය වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මේ දිනවල පාසල් සිසුවියන්ට ගැබ්ගෙල පිළිකා එන්නත ලබාදීම සිදුකරන බැවින් වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙතින් එච්පිවි නමැති ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සදහා ලබදෙන එන්නත වාද්දුව බාලිකා විද්‍යාලයේ සිසුවියනට ලබාදී ඇති බව සදහන් වේ.

අද (29) දිනයේදී සිසුවියන් 135 දෙනෙකු උදෙසා එන්නත ලබාදී ඇති අතර ,එන්නත ලබාදීමෙන් පසු විනාඩි 20 -30 ත් අතර කාලයක් සිසුවියන් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අධීක්ෂණයට යටත්ව සිටින බවත් , එසේ සිටියදී සිසුවියන් සිව්දෙනාට එම රෝග ලක්ෂණ පහළ වී ඇති බව සෞඛ්‍ය ප්‍රකාශකයෙක් පැවසීය .

පසුව 1990 ගිලන් රථ දෙකක් ගෙන්වා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර ,එම සිසුවියන් හදිසි ප්‍රතිකාර ඒකකයට යොමුකල බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

ඉකුත් 15 වෙනිදින අඟුරුවාතොට වෙනිවැල්කොල කනිෂ්ඨ විද්‍යාලයේ 7 වන වසරේ පන්තියේ ඉගෙනුම ලබන සිසුවියන් පස් දෙනෙකු මෙම එන්නත ලබාදීමෙන් අනතුරුව මේ ආකාරයෙන්ම රෝගී බවට පත්ව හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කෙරිණි

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *