ගැරී කොනීල් හයිටි අගමැති ධූරයෙන් නෙරපයි

බලයට පත් වී මාස 06ක් ගත වීමටත් පෙර හයිටි අග්‍රාමාත්‍ය ගැරී කොනීල් ව එම ධුරයෙන් ඉවත් කිරීමට එරට පාලක කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ නියෝගය එම කවුන්සිලය නිකුත් කර ඇත්තේ එහි සාමාජිකයින් 9 දෙනාගෙන් 8 දෙනෙකුගේ අත්සන් සහිතවයි.

ඒ අනුව ව්‍යාපාරිකයෙකු වන හයිටි සෙනෙට් අපේක්ෂක ඇලික්ස් ඩිඩියර් ව එරට අග්‍රාමාත්‍ය ධූරය සදහා පත්කර ඇති විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කොනීල් පවසා ඇත්තේ තමන්ව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම නීතිවිරෝධී බවයි.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *