ගෑස් අඩු වෙයි

ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 275 කින් අඩු කිරීමට තීරණය කළ බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් අද (03) නිවේදනය කළේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 110 කින් ද, පහළ දැමූ බවත් නව මිල අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් පීරිස් පැවසීය.

එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3840 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1542 ක් දක්වා ද, අඩු කළ බවත් ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් වැඩිදුරටත් සඳහන් කළේය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *