ගිනි අවි 7ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

ගිනි අවි 7ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ 20 සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වාර්තා කළේ.

මෙරට නිෂපාදිත ගිනි අවි 5ක් සමග සැකකරුවන් දෙදෙනෙක් මැදගම,දිඹුල්ලෙන ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත්තා.

ඔවුන් සන්තකයේ තිබූ නීති විරෝධී මත්පැන් ලීටර 9ක් සමග ඒවා නිෂ්පාදනය සඳහා භාවිත කරන උපකරණ තොගයක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

විදෙස් නිෂ්පාදිත රිවෝල්වරයක්, 0.38 ජීව උණඩ 5ක් සහ 9මි.මී ජීව උණ්ඩ 7ක් සමග සැකකරුවෙකු අම්බලන්ගොඩ අරහතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙරට නිෂපාදිත ගිනි අවියක් සමග තවත් සැකකරුවෙක් ඕමන්ත මහිලන්කුලම්හිදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

මේ අයුරින් ස්ථාන තුනක සිදුකළ වැටලීම්වලදී ගිනි අවි 7ක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *