ගුල්බඩින් නයිබ්ට IPL කැඳවීමක්

අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරඟ සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බඩින් නයිබ් ගිවිසුම් ගතව තිබෙනවා.

ආබාධයකට ලක් වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක මිචෙල් මාෂ් වෙනුවට ගුල්බඩින් මෙලෙස දිල්ලි කණ්ඩායම සමඟ එක්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මුදලකට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම එක්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

මිචෙල් මාෂ් 2024 අයි.පී.එල් තරඟාවලියෙන් ඉවත් වීමට පෙර දිල්ලි කණ්ඩායම වෙනුවෙන් තරඟ හතරක් සඳහා ක්‍රීඩා කරනු ලැබුවා.

මාෂ් පසුගිය අප්‍රේල් 12 වන දින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ උපදෙස් ලබා ගැනීම සඳහා ඉන්දියාවේ සිට පර්ත් වෙත ආපසු ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහිදී දින දහයකට පසුව, දිල්ලි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රිකී පොන්ටින් මිචෙල් මාෂ් නැවත අයි.පී.එල් තරගාවලිට එක නොවෙන බව හෙළි කළා.

ඒ, අනුවයි ඇෆ්ගනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බඩින් නයිබ් දිල්ලි කණ්ඩායමට එක්කර ගැනීමට මෙලෙස තීරණය කර ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *